saragoyya (සරා ගොයියා )

Sunday, April 8, 2012

රා ගොයියා මාමාට ඔය ජාතිවාදය කියන රට කන පිළිකාව  පේන්න  බෑ නොවැ .. එහෙව් අසික්කිත වැඩ කරන එකාලා උබලව අව්ස්සන්නේ ජාතිය /ආගම බිලි පිත්තේ ඇමක්  හැටියට හයි කොරල  බොලව් . මගේ පුතාල උබල පරිස්සන් වියල්ල. මේ අපේ රත්තරන් ලංකා මාතාවගේ පිවිතුරු කම ඔය කියන ජාති වාදීන්ට විනාස කොරන්න දීලා උඩ බලන් ඉන්න එපා බොලව් .මගේ රත්තරන් පුතාල වෙනුවෙන්  සරා ගොයියා මාමා ලස්සන බුද්ධිමත් තර්කයක් ඇති වූ අවස්ථාවක් පුරචාරය කොරන්නයි  හදන්නේ ඕන් ..... මොනවා උනත් මම ඒ   කොලුවොංගේ  අදහස් එක්ක එකයි බොලන්  . මේකත් අර කලින් කියපු ටොපි   හුට පටෙන්  ඇතිවුන  වචන හුවමාරුවක් උබලම කියවල බලාපල්ලකෝ එහෙනං ..

http://www.sinhalaravaya.com/2012/04/ ...

www.sinhalaravaya.com 
මේ සිංහල අවුරුදු සමයේ මහත් සතුටින් අඳුම් මිලදී ගනීමට Nolimit නම්වූ මුසල්මානුවන්ගේ ආයතනයට යන සිහළුන්ට, සිංහල ජාතිය වඳකිරීමෙ අරමුණින් ”ටොෆි” නොමිලේ බෙදන බව ඔබ දන්නවාද? මේ දිනවල සිංහල පවුල් ඉලක්කකර බෙදා දෙන මෙම ටොෆියේ අඩංගු Malic Acid (E296) නම් වූ ද්‍රව්‍ය ගර්භණි වූ මාතාවන් ගබ්සා කරවීමේ හැකියාව ඇත.කුඩ...

 ·  ·  ·  · April 3 at 12:38am

    • Shifani Kin මෙය විස්වාස කරන්නේ නොදැනුවත්කමටද ...?මෝඩකමටද ...?

    • Nizam Hamza උස්වත්ත ආයතනය මගින් නිෂ්පාදනය කල සහ නොලිමිට් ආයතනය හරහා නොමිලේ බෙදා දුන් ටොපියක් තුල ( මලික් ඇසිඩ් නම් සංඝටකය තිබීම) හේතුකොටගෙන නෝලිමිට් ආයතනයට පලුයන්න බනින නුබලා සැමගේම අවදානය පිණිසයි !
      උස්වත්ත ආයතනය සිංහලයකුගේ ආයතනයකි.
      ඒ වගේම එම ආයතනය සෑහෙන කාලයක් සිට අපරටේ කීර්තිමත් නමක් ඇති ප්‍රසිද්ධ ආයතනයකි .
      ඔව්න් විසින් එම ටොපි කවරය මත එම ඇසිඩ් වර්ගය ඇතිබව සදහන් කර ඇත .
      හොරයක් බොරුවක් තිබේනම් කිසිදිනක එළිපිට එය සදහන් කරන්නේද නැත .
      නිෂ්පාදනය කරන ටොපි වල තත්ත්වය පිළිබද සම්පුර්ණ වගකීම ඔව්න් (උස්වත්ත ආයතනය ) සතු වේ .
      එසේම නෝලිමිට් ආයතනය යනු රෙදි වෙලදාම් කරන ආයතනයකි .
      ඔව්න්(නෝලිමිට් ) යම්කිසි ඇනවුමක් තවත් ආයතනයකට(උස්වත්ත ආයතනය ) ට ලබා දෙන්නේ විශ්වාසයක් ඇතුව.

      එසේනම් නුබලා කියන ආකාරයට සිංහල ජාතිය වද කරන්නේ උස්වත්ත ආයතනය නොවේද ?? කරුණා කර බුද්ධිමත්ව කටයුතු කරන්න .
      එක එක ජාති වාදීන් කුහකයින්ගේ ලනු ගිලීමෙන් ඔබටත් මටත් රටටත් කිසිදු පලක් නොමැත .

      April 5 at 8:28am ·  ·  1

    • Nizam Hamza http://saragoyya.blogspot.com/ 

      saragoyya.blogspot.com
      බත බුලතින් සරුකරනවා වගේම මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි නොවැ .ඕන්න එහෙනම් සරා ගොයියගෙන් රජ වැඩක් .
      April 5 at 8:29am ·  ·  1

    • Shifani Kin මට දැන් තේරෙනවා ඇය බුදුහාමුදුරුවෝ මේවගේ ජනකොටසක් ඉන්න තැනකට පහල උනේ කියල. මොකද මුන්ගේ මනස කොච්චර නොදියුනුද, කොච්චර පටුද කියල තේරෙන්නේ නැද්ද. ඕනෑම දෙයක් කව්රුවත් කියූ පමණින්ම විස්වාස නොකර, තමන් විසින් සොයා බල බුද්දියට හරි යැය් ගෝචර වන දේවල් පමණක් විස්වාස කරන්න කියල බුදුහාමුදුරුවෝ කිව්වනේ, හරි මේකෙන් කීයෙන් කී දෙනාද malic acid කියන්නේ මොනාද කියල හොයල බැලුවේ? කීයෙන් කීදෙනාද ජන්ගිවල වදවෙන රසායන දාන්න පුළුවන් කියල හොසල බැලුවේ? කීයෙන් කීදෙනාද මේ ටොෆිය no limit එකෙන් නෙවෙය් උස්වත්තෙන් හදන්නේ කියල ව්වටහ ගත්හේ? තමුන්ගේ වරදින් තමුන් වදවෙන ජාතියක් උණු පලියට අනිත් එවුන්ට ඉරිසියා කරන්න එපා. තමුන්ගේ නුඋගත් කම මේකෙන් ඔප්පුවෙන එක විතරය් වෙන්නේ

      Read more: http://www.gossip9.com/2012/04/blog-post_3307.html#ixzz1r8XTVxBd 

      April 5 at 10:39am ·  ·  1

    • Mohommed Rizan මගේ රත්තරන් පුතාල මෙන්න මේ වීඩියෝවේ කියවෙන කතාව නිවැරදිව තෙරුන් ගන්න උත්සාහ කරපල්ලා
      ...චීවරයක් දාගත් පමණින් මනුෂ්‍යයකු තුල ඇති තෘෂ්ණාව ප්‍රහීන නොවේ . එම නිසා වර්තමානයේ ධර්මයේ නාමයෙන් අධර්මයෙහි හැසිරෙන්නන්ගෙන් ප්‍රවේශම් වන්න ....නිවැරදිව ධර්මය හදාරන්න ධර්මයෙහි හැසිරෙන්න ... ධර්මයෙහි හැසිරෙන්නන් හට ගරු කරන්න පිදිය යුත්තන් පුදන්න .... බුදුදහම බුධියෙන් පිලිපදින්නක් මිස බුදුදහම තුල අවේග වලට පටු හැගීම වලට කිසිදු අවකාශයක් නොමැත ...මගේ රත්තරන් පුතාල මගේ රත්තරන් රට ගිලින්න හදන අවස්ථා වාදීන්ගෙන් ප්‍රවේශම් වන්න .. ධනය /බලය ලබා ගැනීමට තම මව වුවත් විකුණන සමාජයක සත්පුරුෂයන් වෙසින් පැමිණෙන අසත්පුරුෂයන් හදුනා ගන්න ..
      http://www.youtube.com/watch?v=ibLcXizuJFw

      උපුටාගැනීම සරා ගොයියා >


      www.youtube.com 
      Sariyuth Mugalan - Shashika Nisansala ( Official Video ) Download Original Video Now From www.Music.lk  Download Link http://music.lk/download.php?index=6476 
      April 5 at 11:20am ·  · 

    • Mohommed Rizan මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි:- යම් මනුෂ්‍යයෙක් ජාතිය ,ධනය ,ගෝත්‍රය යන මේ කරුණු නිසා අහන්කරයට පැමිණ තමන්ගේ නෑයන්ට අවමන් කෙරේනම් එය පිරිහීමට කරුණකි .

      තමන්ගේ ජාති වාදී පටු ආකල්ප මුදුන් පමුණුවා ගැනීමට චිවරයකුත් පොරවාගෙන ඔබ වහන්සේ කරන්නේ දේවදත්ත අනුගමිකයෙක්ව හැසිරීම පමණි. මෙවැනි මුසාවාද දෙසාබාන කැලෑ පත්තර ගැසීම සහ ප්‍රචාරය කර මිනිසුන් මුලා(මිනිසුන්ගේ ද්වේශය අවදි කර මිනිසුන් තුල මුස්ලිම් වරුන් පිළිබද වෛයිරයක් ඇති කිරීම ) කිරීම ඔබ වහන්සේ ඇතුළු සිංහල රාවය නමැති දේවදත්ත නිකායේ ජාති වාදී චීවර දාරීන් එක්ව ක්‍රියාත්මක වන්නේ අපේ රට තවත් ලේ විලක් බවට පත් කිරීම මිසක් වෙන යහපතක් නම් නොමැත.
      .


    • කඩුගන්නාවේ හාමුදුරුවෝ ඔබ දැනගත යුතු දෙයක් ඇත. එනම් ශ්‍රී ලංකිය ඉතිහාස යයි. ලාංකීය භික්ෂුව යනු සෙසු රටවල භික්ෂුවට වැඩ බෙහෙවින් වෙනස් චරිතයකි. ආගමික අර්ථයකින් පමණක් ගතයුතු කෙනෙක් නොවේ. මදීල්ලේ හාමුදරුවන්ට හෝ දැන් සිටින ලාංකීය භික්ෂුවට ඇත්තේ භාවනා කොට නිවන් යන්නට නොව. මේ ගැබුරු දර්සනික දහම මිත්‍යා දෘස්ටිකයන්ගෙන් බේරා ඉදිරි අපේ පරපුරට බාරදීමයි. උන් වහන්සේ කරන දේ හරි. උබලට ඕන විදිහට මේ රටේ නටන්න දෙන්න බැහැ. මතක තිය ගනිල්ලා දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කලේ හිටිය තෙරපුත්තබය වගේ හිමිවරු තවම මේ රටේ ඉන්න බව. ලාංකීය භික්ෂුවට ජාතික වගකීමක් තියෙනවා. e වගකීම උන් වහන්සේ ඉටු කරනවා. උබල කරන්නේ නැතුව හිටියොත් හොදයි.
      11 hours ago · 

    • Mohommed Rizan ඔබ ගෙන් ලංකා ඉතිහාසය ඉගන ගැනීමේ කිසිදු අවශ්‍ය තාවයක් නොමැත . ඒ වගේම චීවර දරාගෙන බෞද්ධ ඉගැන්වීම් වලින් පරිබාහිරව පව්ද්ගලික චින්තනයන් ( තමන්ගේ සිත තුල ඇති තණ්හාව , වෛරය , ක්‍රෝදය ,[රාග,ද්වේශ ,මෝහ ] "ගින්න " ) අනුව ක්‍රියා කරන්නෝ බුදුන්ටත් ඒ ශ්‍රේෂ්ට චින්තනයන්ටත් ගරහන සුභාද්‍රලා ගේ සහ දේවදත්තයන් ගේ අනුගාමිකයන් වන්නේය .

      බුදුන් කල කිසිදු අවස්ථාවක බුදුන් වහන්සේ විසින් කිසිදු සංඝයා වහන්සේ නමකට ජාති වාදය හෝ ගෝත්‍ර වාදයට අනුබල දෙන ලෙස සදහන් කොට නැත .
      නුබලාගේ ක්‍රියාවන් බෞද්ධ ඉගැන්වීම් වලින් පරිබාහිර වුවක් වේ .

      "මදීල්ලේ හාමුදරුවන්ට හෝ දැන් සිටින ලාංකීය භික්ෂුවට ඇත්තේ භාවනා කොට නිවන් යන්නට නොව. "
      " බුදුදහමේ අග්‍රපලය නිර්වාණයයි . "
      එසේනම් නුබල චීවර පොරව ගත්තේ එම දහමේ හැසිරීමට නොවේද ?? ඒ කියන්නේ "ධම්මෝ හවෙරක්ඛති ධම්ම චාරි " කියල බුදුන් දේශනා කල දේ නුබල විසින් ප්‍රතික්ෂේප කරමින් මුසාව පතුරවමින් මහා ජනතාව මුලා කිරීමෙහි අරමුනින්ද නුබලා මහන උනේ ?? මා විසින් ඉහත සදහන් කර ඇති කොමෙන්ටු නිවාඩුව කියවා එහි අසා ඇති දේට පිළිතුරක් ලබා දෙන්න . බික්ෂුවක් යම් ජන කොටසක් ආගම් වාදීව තවත් ජනතාවකට එදිරිව කුමන්ත්‍රණ කාරී ලෙස හැසිරුවීම බික්ෂුවක් ට කැප වූ ක්‍රියාවක්ද ??

      "මේ ගැබුරු දර්සනික දහම මිත්‍යා දෘස්ටිකයන්ගෙන් බේරා ඉදිරි අපේ පරපුරට බාරදීමයි. "
      බුදුන්නම් දේශනා කරලා තියෙන්නේ ඔය දහමේ හැසිරෙන්න කියල මිසක් දහම ආරක්ෂා කරන්න කියල බොරු බේගල් කියල මිනිස්සු කොටවන්න නෙවේ නේද ?? ඔබේ දහමට අනුව මා මිත්‍යා දෘෂ්ටිකයෙකි ඒ වගේම මගේ දහමේ දෘෂ්ටියට අනුව ඔබ මිත්‍යා දෘෂ්ටිකයෙකි . ඉහත සදහන් "ටොපි" කතාව තුලින් නුබලා සමාජයට දෙන්න හැදුව දේ කුමක්ද ?? මුස්ලිම් වරුන් විසින් සිංහල ජාතිය වදකරන්න හදනවා කියල මිනිස්සුන්ව මුස්ලිම් වරුන්ට විරුද්ධ මානසිකත්වයක් ගොඩනැගීමට උත්සාහ කිරීමේ පහත් ක්‍රියාව නොවේද ??? එයද ඔබේ උත්තරීතර ධර්මය???
      නමුත් එය පට්ට පල් අමුලික බොරුවක් කියල ඔප්පුවෙලා ඉවරයි . අනේ හැබැටම එතරම් පහත් තත්වයකට වැටෙන්න තරම් නුබලා ගේ මානසිකත්වය දුර්වල මිනිස්සුන් වෙලා බුදුන්ගේ බුද්ධ පුත්‍රයන්ගේ වේශය අරුඩ කරගෙන නුබලා කරන්නේ ඒ උත්තම බුදුන්ටත් අගෳරවයක්.
      ඔබ කියා තිබුණු දේ වැරදි මෙන්න මෙහෙම කිවනම් හොදයි කියල මට හිතෙනවා " මතක තියා ගනිල්ලා බුදුන්ගේ කාලයේ වගේ දේවදත්තලා / සුභාද්‍රලා මේ රටෙත් ඉන්නවා කියල "

      10 hours ago · 

    • Mohommed Rizan නුබලා තුල ප්‍රයෝගිකව නොමැති දහමක් නුබලා විසින් කොහේ ආරක්ෂා කරන්නද ? නුබලා විසින්ම එම දහම විනාශ වෙන ලෙස ක්‍රියා කරමින් වැරදි ආදර්ශ සමාජ ගත කරමින් නුබලගේ වෛරයෙන් පිරිණු සිත් වල ඇති පහත් අදහස් දහ්ර්මයේ නාමයෙන් සමාජ ගත කිරීමක් පමණයි නුබලා සිදුකරන්නේ ...
      10 hours ago · 

    • Mohommed Rizan නුබලගේ හැසිරීම් තුල සීල, සමාදී ,ප්‍රඥා, යන ගුණයන් තිබේනම් මෙවැනි අකාරයෙන් මිනිසුන්ව කොටවන්න හැකියාවක් තිබේද ? ඔබලා හුදෙක් ජාති වාදීන් මිසක් බුද්ධ පුත්‍රයින් ලෙස හැසිරීමක් දැකිය නොහැක ....