saragoyya (සරා ගොයියා )

Wednesday, April 4, 2012

අනිච්චේ දුක්කේ කියල හිතෙනවා බොලන්  L
ඔන්න දරුවනේ මම  සයිබර් අවකාශයේ  සැරිසරන කොට මාරම මාර දෙයක් දැක්කනොව , අර මම කලින් කියපු ජාතියේ රට කන්ඩ  උපන් පාදඩ ජාතිවාදී සංවිධානයක්  මාරම මාර කැලෑ පත්තරයක් ගහලනෙ බොලව්  .   

ඔන්න ඒකෙ කියනවා අර නෝ ලිමිට් කියන ආයතනයේ එකාලා  අපේ වරිගේ විනාස කොරන්න ටොපියක් හදලලු ඒක කාපු ගමන් අපේ ගෑනුන්ගේ කුසේ ඉන්න එකාලා 
වළ පල්ලට යනවලු .පොඩි උන්ට දුන්නම උන්ගේ වකුගඩුයි තවත් මොනවද අවයව වලට හානි කොරනවලු .

ඒකට පිළිතුරු ලිපියක් තවත් මුස්ලිම් කොලුවෙක් ලියල තියෙනවා දැක්කා ඒකා කියල තියෙන දේ හැබෑවක් කියල හිතුනු නිසා සරා ගොයියා හිතුව ඒක අපේ  එකාලට කියවන්න පුරසිද්ධ කොරන්න .

ඒ කොලුවාගේ ලිපියත් එක්කල අමුණලා තිබ්බා ගොසිප් 9 .කොම් කියන වෙබ් අඩවියේ ලිපියකුත් ඔන්න එකත් කියපල්ලකෝ මගේ පුතාල 

නෝලිමිට් ආයතනය මගින් නොමිලේ ලබාදෙන්න්නා වූ ටොෆියක් හේතුවෙන් මේ දිනවල මහත් ආන්දෝලනයක් ඇති වී තිබේ. එම ටොෆියේ අඩංගු ද්‍රව්‍ය අතර මලික් ඇසිඩ් නම් සංඝටකය තිබීම මෙයට හේතුවී ඇත.

මේ අනුව ඇතැම් අය පෙන්වා දෙන්නේ මෙය ගැබිණි මව්වරුන්ට හා කුඩා දරුවන්ට නුසුදු බවයි.

මලික් ඇසිඩ් ස්වභාවික වශයෙන්ම බොහෝ පලතුරුවල අඩංගු වන ද්‍රව්‍යයක්.ඇපල් ගෙඩි වල බහුල වශයෙන් මෙම මාලිම් ඇසිඩ් දැකිය හැකියි.එම හේතුවෙන් මලික් ඇසිඩ් යන්නට ඇපල් ඇසිඩ් යන නාමයද භාවිතා කරනු ලබනවා.

බොහෝ අහාරවර්ග වලට මෙම ඇසිඩ් වර්ගය එකතු කරනු ලබන්නේ පලතුරු රසය ලබාගැනීමටයි.ඇමරිකාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල මලික් ඇසිඩ් ආහාරවලට එක කිරීම සඳහා නීතියෙන් අවසර ලබා දී තිබෙනවා.

මලික් ඇසිඩ් යනු අපගේ ශරීරයේද ස්වභාවිකව හටගන්නා සංඝටකයක් වන අතර එය අධික ප්‍රමාණයක් ගැනීම ශරීරයට අහිතකර විය හැකියි. තවද ගැබිණි මව් වරුන්ට හා කිරි දෙන මව්වරුන්ට මලික් ඇසිඩ් මගින් වන බලපෑම තවම සොයාගෙන නොමැති හෙයින් ඒවා භාවිත කිරීමෙන් වැළකි සිටීම වඩාත් සුදුසු බව ඇතැම් වෙබ් අඩවි සඳහන් කර සිටිනවා.

කෙසේ නමුත් නෝලිමිට් ආයතනය මගින් ලබාදෙන මෙම ටොෆිය නිෂ්පාදනය කර ඇත්තේ උස්වත්ත ආයතනය විසින් වන අතර මේ පිළිබඳව අහිතකර ප්‍රචාරයක් අන්තර්ජාලය ඔස්සේ 
ප්‍රචාරය වීමත් සමග මේ පිළිබඳ වැඩිදුර සොයා බැලීමට උස්වත්ත ආයතනය කටයුතුකොට ඇත.

Read more: http://www.gossip9.com/2012/04/blog-post_3307.html#ixzz1r5eN26eJ


උඩහ තියෙන ලිපිය උපුටා ගත්තේ Gossip9.com කියන වෙබ් අඩවියෙන් .

ඔන්න පල්ලෙහා තියෙනවා අර මම කියපු කොලුවාගේ පිළිතුරු ලිපිය .. කිසිදු වෙනසක් නොකර ඒක ඒ අකාරයෙන්ම මම පල කොරන්නම්කො …..

උස්වත්ත ආයතනය මගින් නිෂ්පාදනය කල සහ නොලිමිට් ආයතනය හරහා නොමිලේ බෙදා දුන් ටොපියක් තුල ( මලික් ඇසිඩ් නම් සංඝටකය තිබීම) හේතුකොටගෙන නෝලිමිට් ආයතනයට පලුයන්න බනින නුබලා සැමගේම අවදානය පිණිසයි ! 
උස්වත්ත ආයතනය සිංහලයකුගේ ආයතනයකි.
ඒ වගේම එම ආයතනය සෑහෙන කාලයක් සිට අපරටේ කීර්තිමත් නමක් ඇති ප්‍රසිද්ධ ආයතනයකි .
ඔව්න් විසින් එම ටොපි කවරය මත එම ඇසිඩ් වර්ගය ඇතිබව සදහන් කර ඇත .
හොරයක් බොරුවක් තිබේනම් කිසිදිනක එළිපිට එය සදහන් කරන්නේද නැත .
නිෂ්පාදනය කරන ටොපි වල තත්ත්වය පිළිබද සම්පුර්ණ වගකීම ඔව්න් (උස්වත්ත ආයතනය ) සතු වේ .
 
එසේම නෝලිමිට් ආයතනය යනු රෙදි වෙලදාම් කරන ආයතනයකි .
ඔව්න්(නෝලිමිට් ) යම්කිසි ඇනවුමක් තවත් ආයතනයකට(උස්වත්ත ආයතනය ) ට  ලබා දෙන්නේ විශ්වාසයක් ඇතුව.

එසේනම් නුබලා කියන ආකාරයට සිංහල ජාතිය වද කරන්නේ උස්වත්ත ආයතනය නොවේද ?? කරුණා කර බුද්ධිමත්ව කටයුතු කරන්න .
එක එක ජාති වාදීන් කුහකයින්ගේ ලනු ගිලීමෙන් ඔබටත් මටත්  රටටත් කිසිදු පලක් නොමැත .  

ඔච්චර සැබෑ කැක්කුමක් තියෙනවනම් පමණක් කරුණා කර සිකරට් අරක්කු අපේ රටට ගෙන්වා බෙදා හරින මිනිස්සු ගැන සැලකිලිමත් වන්න මොකද සිකරට් බොන අය වද බාවයට  සහ ලිංගික අප්‍රනිකත්වයට පත්වනවා කියල සදහන් වෙනවා නේද ??
එහෙම බැලුවොත් ජාතිය වදකරන්න සිකරට් වලට බොහොම වේගවත්ව කරන්න පුළුවන් .

ඒවා ගෙනල්ල ජාතිය වද කරන  උන් ගැන කිසිම උලව්වක්  නෑ ලංකාවේ අරක්කු තැබෑරුම්  කරන්නේ (99 % ) ම සිංහල  .ජාතිය වද කරන්නේ නෝලිමිට් ද  ඔයාලගේම කට්ටිය නොවේද ???
මම දන්නවා අපේ රටේ වැඩිපුරම ඉන්නේ විචාරක බුද්ධියක් නැති මිනිස්සු කියල එකනේ කව්රු හරි මොකක් හරි කීවානම් රෙදි ගලවාගෙන හොයන්නේ බලන්නේ නැතුව කෑගහන්නේ .ඕක අවබෝද කරගන්න පුළුවන් චන්ද කාලෙටත් .... මිට වඩා බුද්දීමත්ව හිතන්න .ලංකාවේ මුස්ලිම් , බෞද්ධ , කුතුනු , හින්දු අප සියල්ලෝම ලාංකිකයෝ මිසක් පරදෙසක්කාරයෝ නොවේ . ඒක නිසා ගොන්නු ගොන් කතා කියල ඔයාලව ගොන්නුන්ගේත් ගොන්නු කරන ඒක ගැන ඔයිට  වඩා කල්පනා කාරී වෙන්න . 83 දීත් ඔය වගේම ජාති වාදී ගොන්නු පස්සේ ගිහිල්ල තමා වසර 30 ක් අපි දුක් වින්දේ . ඒ වගේ පාපතරයන්ගේ ලනු ගිලින්නේ නැතුව මොලෙන් මිස හැගීමෙන් කටයුතු නොකරන්න . 

මේ පහත දැක්වෙන ලින්ක්කුවේ ඔය කියන ඇසිඩ් එක ගැන පැහැදිලි කොරල තියෙනවා  ....

malic acid (Acidity Regulator E296)

http://www.additivesinfood.info/codes/296/ 

No comments:

Post a Comment