බුදුබණ අසුවාත් නිරන්තරේ ....
ගතිගුණ අතින් අපි තවමාත් වනන්තරේ ........................// ඔන්න පුතාල අද මම කියන්න හදන්නේ අපේ සාසනේට වින කරන්නේ කව්ද කියල ඔහෙලාම හිතල හොදට කල්පනා කොරල තෙරුන්ගන්න ඕන කියන එකයි ... අන්‍ය ආගමිකයෝ නොවේ මයේ පුතේ අපේ ආගම විනාස කරන්නේ අපේ අයගේ ක්‍රියා පටිපාටිය නොවැ අපට වින කොරන්නේ ....උබලට මතකයි නොවැ "සැරියුත් මුගලන් " සින්දුව තියෙන වීඩියෝවේ මම කියපු හරිය ... අනේ හැබැටම අපේ සංඝ රත්නයට මොකෑ මේ වෙන්න යන්නේ ...
Balumgala 2012-06-07 Buddhist Monks and Politics
http://www.youtube.com/watch?v=MbsqS_-cSfU&feature=relmfu
මෙන්න මේ ලින්කුව උඩ පොඩිත්තක් ක්ලික් කොරහන්කෝ... අර සින්දුව අහන්න ...
http://saragoyya.blogspot.com/2012/03/blog-post_9548.html#comment-form
හිමි නමක් චීවරයක් දාගන්නේ මොන චේතනවකින්ද කියල හිතහල්ල මයේ පුතේ .චීවරයේ නාමයෙන් වන අකටයුතුකම් වලට එක හෙලාම විරුද්ධ වියන් මයේ පුතේ ... හුරතල් කරොත් අපේ දරු පැටවුන්ට ධර්මය නොවේ ඉගෙන ගන්න වෙන්නේ අධර්මය ...
. අපේ රටේ අපි හැමෝම එකා වගේ ජිවත් වෙන්න ඕනේ .ඒත් අද බුද්ධ ශාසනය රකිනවා කියල කරන්නෙම අන්‍යාගමිකයන්ට චෝදනා කොරන එක නොවේද මයේ පුතේ .ඒවායේ සත්‍ය අසත්‍ය තව මොක උනත් අපේ මුදුන් මල්කඩ වන අපේ සංඝ රත්නය රැකගන්න ඕනේ මයේ පුතේ .. වෙන වාසි බලාපොරොත්තුවෙන් චීවරේ රැදෙන කව්රු උනත් අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ .. එහෙම නැතුව අපේ රටේ අනාගතය අදුරුයි මයේ පුතේ ..
. එහෙම කොරන්න වෙලා තියෙන්නේ මුන්දල තමන්ට අයිති කාර්ය භාර්‍ය මගහැරලා වෙන අතක යන නිසා නොවේද මයේ පුතේ ?
. අපිට දහම් මග කියාදෙන්න ගමේ හාමුදුරුවෝ අපිට ඕනේ .... අපි දොහොත් මුදුන් තියල වදින්නේ සීලයක් රකින අත්තොන්ට නොවැ මයේ පුතේ ..
මෙන්න තව එක උදාහරණයක් පන්සිල් පද පහේ අපි සමාදන් වන සිල් පදයක් නොවැ "මුසාවාදා වේරමණී සික්ඛා පාදන් සමාදියාමි " ඉතින් පුතාලම බලන්නකෝ මේ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේදානන්ද හිමිනම ඒ සිල්පදය අමු අමුවේ රකින හැටි බලමු එහෙනම්
Sri Lanka Buddhist Monks Attack a Church
http://www.youtube.com/watch?v=8S_YRGybdjwඅවසානයදක්වාම බලහල්ලකෝ ඇයි හතිලව්වේ අපේ රටේ පොලිසියක් නද්ද්ද ?? උසාවියක් නැද්ද ?? බුදුබණ දෙසන බුද්ධ පුත්‍රයෝ නේ මේ මැරයෝ වගේ හැසිරෙන්නේ..
අනේ මයේ පුතාල මෙන්න මකත් බලමුකෝ එහෙනම් ... මේ යතාර්ථය අවබෝධ කරගෙන ජිවත්වෙයල්ල .... ඔය එක එක කෝන්තර කාරයෝ චීවර පොරවාගෙන උබලව කුලප්පු කරලා අපේ රටේ අනාගතෙත් උබලගේ දරුමල්ලන්ගේ අනාගතෙත් අපේ සාසනේ අනාගතෙත්.... ඒවගේ මිලේච්ච, වනචාරි අදහස් ඇති වංචාකාර කෘමන්ත්‍රණ කාරයින්ගේ අනසකට යටත් කොරන්ට ඉඩ දෙන්න එපා දරුවන්නේ ..........බුද්ධියෙන් වැඩකරපල්ලා .... සියලු සත්වයින්ට මෛයිත්‍රීය කොරපල්ලා ....
A Path to Assimilation and Reconciliation in Sri Lanka - බෞද්ධ දර්ශනය
http://www.youtube.com/watch?v=V7xhNvDcayo
No comments:
Post a Comment