saragoyya (සරා ගොයියා )

Sunday, March 11, 2012

ඕන්න මගේ පුතාල අද මම උගන්වන්න හදන්නේ තවත් කෘමන්ත්‍රනයක සුල මුල ... මුලින්ම සිංහල බෞද්ධයා කියන වෙබ් අඩවියෙන් උපුටා ගත්තු ලිපියක් ඔබලාට කියවීමට ඉඩ හරිමි .. http://sinhalabuddhist.com/2012/03/jihad-2/

"මුස්ලීම් අන්තවාදීන්ගේ ජිහාඩ් සංවිධානයක් විසින් බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට මරණ තර්ජන එල්ල කරමින් ලිපියක් එවා ඇති බව දැනගන්නට ලැබුණි. අන්තවාදීන් විසින් එම ලිපිය එවා ඇත්තේ පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට වන අතර උන්වහන්සේගේ ආගමික හා සමාජසේවා කටයුතු නවත්වන ලෙස දන්වා ඇත. එසේ නොකළහොත් උන්වහන්සේව ඝාතනය කරන බවට තර්ජනය කර ඇත. පහත දැක්වෙන්නේ ලිපියේ සිංහල පරිවර්තනයකි.

[
ඔබ අපගේ වැඩ වලට බාධා කරයි. ඔබගේ කට වහගෙන ඔබගේ වැඩ කරනු. ඔබ අපගේ නායකයාගේ අවවාද වලට ඇහුම්කන් නොදෙයිනම් ඔබව ඝාතනය කෙරේවි. අපගේ ඉල්ලීම හැරුනුකොටගෙන මෙය ඔබට දෙන අවසාන අවවාදයයි, එසේ නොවුවහොත් ඔබව මරා දැමේවි.]"ඉහත කොළ අකුරින් සදහන් කර තිබෙන්නේ මොකද්ද කියල නැවතත් මම කියන්න ඕනේ නෑ නොවැ ..

1.හොදයි අපි පොඩ්ඩක් මෙහෙම හිතමු මෙච්චර කාලෙකට ඔය කියන ජිහාඩ් අන්තවාදීන් අපේ රටේ මොනවද කොරපු ත්‍රස්තවාදී ක්‍රියා ??
 

2.දැන් අපේ හාමුදුරුවන් කරන "ආගමික සහ සමාජ සේවා " වැඩ නවත්තන ලෙස මොව්න් ප්‍රකාශ කල බවක් පැවසෙනවා අනේ හපොයි අපේ රටේ මේ උන්නාන්සේ විතරද  "ආගමික සහ සමාජ සේවා " වැඩ වල නිරතවන  හිමි නමකට ඉන්නේ ??
3.
ඔය වගේ ලිපි දහස් ගානක් අපිටම නිර්මාණය කරන්න බැරිද ? ඔය වගේ ලිපියක් ලිවීම මහලොකු කජ්ජක් නොවන බව අපිව කොටවන්න හදන අවස්ථාවාදීන්"තිරිසන්නුන්ට"  අමතක උන කරුණක් ද ?? එහෙමත් නැතිනම් අපේ රටේ එකාල  පුන්නක්කු කනවා කියල හිතුවද ??  
අපිව කොටවන්න බලන් ඉන්නන උන්නදලගේ මේකත් එක ඇමක් විතරයි ....ඕන්න සරා ගොයියා නොකිව කියල විතරක් කියන්න එපා ... 
 
මගේ රත්තරන් පුතාල හැගීමෙන් නොවේ බුද්ධියෙන් කල්පනා කොරපල්ලා ... මේවට තමා කියන්නේ කල දුටු කල වල ඉහගන්නවා කියල .. වසර ගානක් තිස්සේ අපේ රටේ අපිත් එක්ක එකට උන්නු අපේම සහෝදරවරුන්ට විරුද්ධව උසි ගන්නවන  මොව්න් ගේ යටි අරමුණ තේරුම් ගන්න ..
මේ ලින්ක් එක ක්ලික් කරලා ඒ ලිපියත් කියවල බලමුකෝ  
http://saragoyya.blogspot.com/2012/03/blog-post_7196.html   


No comments:

Post a Comment